brand logo

අම්බලන්තොට නගරයට හර්තාල් (Photos)

08 May 2019

අම්බලන්තොට නගරයේ මේ වනවිට හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇත. අද පෙරවරුවේ සිට නගරයේ කළුකොඩි ඔසවා වෙලඳසැල් වසා දමා ඇති අතර එයට හේතුව වශයෙන් සඳහන් වන්නේ රිදීගම රජයේ නිවර්තන නිවාසයට පාකිස්ථානු සරණාගතයින් පිරිසක් ගෙන ඒමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කරන බවට චෝදනා කරමිනි. පාකිස්ථානයෙන් පිටුවහල් කරන ලද සරණාගතයින් පිරිසක් අම්බලන්තොට රිදියගම රජයේ පුනුරුත්තාපන නිවර්තන කඳවුර වෙත රැගෙන ඒමට විරෝධය පළකරමින් ඊයේ (07) දින පෙරවරුවේ අම්බලන්තොට රිදියගම හා ප්‍රදේශ කිහිපයකම ජනතාව 300 කට වැඩි ප්‍රමාණයක් විරෝධතා රැළියක් සංවිධානය කර තිබිණි. කෙසේවෙතත් විරෝධතාවය සදහා සහභාගී වූ පිරිස අත්සන් තබන පෙත්සමත් රැගෙන රිදියගම නිවර්තන කදවුර වෙත රිදියගම රජමහා විහාරස්ථානයේ සිට පා ගමනින් පැමිණි අතර ඒ වන විටත් නිවර්තන නිවාසය අවට පොලිස් ආරක්ෂාව තර කර තිබිණි.
 

More News..