brand logo

අම්බලන්ගොඩ බැංකුවක් තාවකාලිකව වසා දමයි

17 January 2021

අම්බලන්ගොඩ පෞද්ගලික බැංකු ශාඛාවක් තාවකාලිකව වසා දමා තිබේ. අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ එම බැංකු ශාඛාවේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවයි. ඒ අනුව ඊයේ (16) දහවල් එම බැංකු ශාඛාව විෂබීජහරණයට ලක් කර ඇත. එමෙන්ම එම බැංකු ශාඛාවේ සේවකයින් සියලුදෙනා නිරෝධායනයට ලක් කර තිබේ. නිරෝධායනයට යොමු කළ එම සියලුම සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කරන බව ද අම්බලන්ගොඩ සෙ$ඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.
 

More News..