brand logo

අම්බලන්ගොඩ ප්‍රධාන පාසල් දෙකක ළමුන් නිරෝධායනයේ

24 November 2020

අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පාසල් දෙකක ඉගනුම ලබන එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ මව සහ පියා ආසාදිත බව තහවුරු කරගෙන ඇත. ඊයේ (23) දිනයේ පාසල් ආරම්භ වීමත් සමග ආසාදිත මව සහ පියාගේ දරුවන් දෙදෙනා පාසලට පැමිණ තිබේ. මේ බව අද (24) දින තවුරුවිමත් සමග සිසුන් සහ ගුරුවරුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට උපදෙස් දුන් බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ.සිංගාරච්චි මහතා සඳහන් කර තිබේ. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහ අම්බලන්ගොඩ කුලරත්න මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ සිසුවෙකුගේ සහ සිසුවියකගේ මව්පියන් මෙලෙස කොවිඩ් ආසාදිතව ඇත. අම්බන්ගොඩ තිලක පුර පදිංචි සිසුන්ගේ පියා ආරක්ෂක අංශ සාමාජිකයෙක් වන අතර පසුගිය 16වනදා නිවසට පැමිණ තිබේ. අනතුරුව ඔහු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර හදිසි අසනීප තත්වයක් පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර තිබේ. අනතුරුව කරන ලද පී.සී.ආර්.පරික්ෂණයේදි ඔහුට කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරුවී තිබේ. මේ නිසා ආසාදිත දෙමාපියන්ගේ දරුවන් සඳහා හෙට 25 දිනයේ PCR පරීක්ෂණ සිදුකරන බවත් එහි වාර්තා ලැබෙන තෙක් පාසල් දෙකේ 9 සහ 11 ශ්‍රේණිවල සිසුන් 30දෙනෙකු සහ ගුරුවරුන් 8දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකළ බවත් පැවසෙනවා. ලැබෙන ප්‍රතිපල වර්තා අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පැවසෙනවා.
 

More News..