brand logo

අම්බලන්ගොඩින් මූදු ගිය ධීවරයින් 11 ක් අතුරුදන්

20 August 2018

ගාල්ල අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් එකොළොස් දෙනෙක් සහිත ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්ව අතුරුදන්ව ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි. මසුන් අල්ලමින් සිටියදී මෙම ධීවර යාත්‍රාව හික්කඩුව මුහුදු සීමාවේදී රළ පහරකට අසුවී අනතුරකට ලක්ව ඇති බව එහි සිටින ධීවරයින් දුරකතන මගින් ගොඩබිම සිටින ඥාතින්ට දැනුම්දී ඇත. එහෙත් ඊයේ (19) රාත්‍රී නවයෙන් පසුව යාත්‍රාව සමඟ තිබු දුරකතන සබඳතා බිද වැටී ඇතැයි පොලිසිය පැවසීය. මෙම ධීවරයින් එකොළොස් දෙනාම අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසෙයි. අතුරුදන්වී ඇති ධීවර යාත්‍රාව සොයා මෙහෙයුම් ආරම්භකර ඇතැයිද අම්බලන්ගොඩ පොලිසිය පැවසීය.
 

More News..