brand logo

අම්බති රායිදූගේ පන්දු යැවීම සැකසහිතයි - ICC

14 January 2019

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අම්බති රායිදුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා. ඔස්ට්‍රේලියාව හා ඉන්දීයව අතර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරුවන් විසින් පැමිණිලි කර තිබෙනවා. රායිදුට ඒ අනුව දින 14ක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත මධ්‍යස්ථානයකදී සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයකට මුහුණදීමට සිදුවනවා. කෙසේ වෙතත් එම පරීක්ෂණය තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවිමට ඔහුට අවස්ථාව ලැබී තිබෙනවා. https://twitter.com/ICC/status/1084360645372530689
 

More News..