brand logo

අම්පාර කහ ගොවීන්ගේ අස්වැන්න මිලට ගැනීමට රජය මැදිහත් වෙලා

11 April 2021

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා අමු කහ කිලෝවක් රුපියල් 400ක මුදලකට ගොවීන්ගෙන් මිලදී ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කර තිබේ . මේ සම්බන්ධයෙන් අදහස් පළකළ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, "අපනයන කෘෂිකර්ම දෙපාර්මේන්තුව හරහා රුපියල් 400ට අමු කහ කිලෝ එකක් අපි ගන්නවා. අපි ගොවියන්ටත් සහනාධාරයක් ලබාදීලා තිබෙනවා. ඉදිරි කාලයෙදී පාරිභෝගීක ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් මැයි මාසයේ කහ පැළ ලක්ෂ 60ක් ජනතාවට දෙනවා. රජය හැටියට කහ විකුණා ගන්න බැරි ප්‍රශ්නයක් නැහැ. අපි ඕනෑම වෙලාවක රුපියල් 400ය ගානේ ගන්නවා."
 

More News..