brand logo

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායෙන් ජනපතිට සන්දේශයක්

09 February 2020

පුරාවිද්‍යා ස්මාරක රැක ගැනීමට සංස්කෘතික අමාත්‍යංශයට නිසි ආරක්‍ෂිත වැඩපිළිවෙලක් නොමැති හෙයින් ශ්‍රී ලංකාද්වීපයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කර ගැනීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගන්නා ලෙස අමරපුර සිරි සද්ධමවංශ මහා නිකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. තත් නිකායේ මහානායක අහුන්ගල්ලේ සිරි සිලවිශුද්ධි මහනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉකුත් (6) දා රැස්වූ සුධර්මා කාරක සංඝ සභාව මේ සම්බන්ධයෙන් සම්මත කර ගත් යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව යොමු කරන බවද අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මහා ලේඛකාධිකාරී , ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය , දර්ශනපති බලපිටියේ සිරි සීවලී නාහිමියෝ පැවසුහ. ශ්‍යාමෝපාලි වංශික මහනිකායේ අස්ගිරි පාර්ශ්වයේ ගාලු දිශාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් වෙත අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය මගින් “සිරි සුගත සාසන ධජ ප්‍රවචනාලංකාර” යන ගරු නාම සම්මුතිය ප්‍රදානය කිරීමෙන් අනතුරුව උන්වහන්සේ මෙසේද පැවසුහ.   ජීවන්ත හෙට්ටිආරච්චි
 

More News..