brand logo

අභිරහස් ලෙස මියගිය කාන්තා මළසිරුරක් බෝක්කුවකින් හමුවෙයි

30 May 2021

අභිරහස් ලෙස මියගිය කාන්තා මළසිරුරක් හලාවත සිට පුත්තලම දක්වා වන දුම්රිය මාර්ගයේ මානුවන්ගම ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී හමුවී තිබේ. මෙලෙස මියගිය කාන්තාව වයස අවුරුදු 46ක පස් දරු මවක් බවට තොරතුරු වාර්තා වී ඇත. එම කාන්තාව හලාවත – මානුවන්ගම, තිඹිල්ල පදිංචිව සිටි තැනැත්තියක් බව ද වාර්තාවී ඇත. හලාවත පොලීසිය විසින් මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශණ ක්‍රියාත්මක කර තිබෙන අතර මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හලාවත මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත.   අභිරහස් ලෙස මිය ගිය කාන්තා මළසිරුරක් බෝක්කුවකින් හමුවෙයි    
 

More News..