brand logo

අභියෝග රහිත චීනය රන් පදක්කම් ශතකය පෙනෙන ඉමේ

29 August 2018

ආසියානු ක‍්‍රීඩා උළෙල ආරම්භ වී දින 12ක් ගතවන අතරවාරයේදී පදක්කම් සටහනේ සිය රන්පදක්කම් සංඛ්‍යාව ශතකය ආසන්නයටම ගෙනෙමින් තවදුරටත් පෙරමුණේ සිටීමට ප‍්‍රබල චීනය සමත්ව සිටියි. රන් 99 ක්, රිදී 65 ක්, සහ ලෝකඩ 48 ක් වශයෙන් චීනය ඉදිරියේ සටහන්ව තිබෙන මුලූ පදක්කම් සංඛ්‍යාව 212 කි. පදක්කම් සටහනට අනුව චීනය ආසන්නයටවත් පැමිණීමට සෙසු එකදු රටක් හෝ සමත්ව නැති අතර එම සටහනේ දෙවැනි තැන ජපානයට හිමිව තිබේ. ජපානය මේ වනවිට රන් 45 ක්, රිදී 40 ක් සහ ලෝකඩ 62 ක් සමගින් මුලූ පදක්කම් 147 ක් දිනා සිටී. රන් 32 ක්, රිදී 40 ක්, ලෝකඩ 47 ක් දිනා සිටින දකුණු කොරියාව එහි තෙවැනි ස්ථානයේ පසුවේ. ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගීවන දකුණු ආසයානු කලාපීය රටවල් අතුරින් ඉහළම ප‍්‍රතිඵල ලබා සිටින ඉන්දියාව රන් 9 ක්, රිදී 19 ක් සහ ලෝකඩ 22 ක් සමගින් දිනා තිබෙන මුලූ පදක්කම් ගණන 50 කි. ඔවුන් එම සටහනේ 8 වැනි ස්ථානයේ රැඳී සිටී. මෙවර 18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙල හා එක්වුණු රටවල් 45 න් රටවල් 36 ක් කිනම් හෝ පදක්කමක් දිනා ගැනීමට සමත්කම් දක්වා තිබෙන අතර එකදු හෝ පදක්කමක් දිනා නොමැති රටවල් 9 අතරේ මෙවර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 177 දෙනෙකු මේ සඳහා සහභාගී කරවන ශ‍්‍රී ලංකාව ද වේ.
 

More News..