brand logo

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරනවා - සී.වි.

14 August 2019

උතුරු පළාත් ප‍්‍රවාහන, ධීවර හා ග‍්‍රාමීය සංවර්ධන කටයුතු හිටපු අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා අමාත්‍යධූරයෙන් ඉවත් කොට වෙනත් පුද්ගලයෙකු පළාත් අමාත්‍යධූරය වෙනුවෙන් පත් කිරීමට තමා ගත් තීන්දුව නීතියට පටහැනි බව පවසමින් අභියාචනාධිකරණය ලබාදුන් තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වන බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි. උතුරු පළාත් ප‍්‍රවාහන, ධීවර හා ග‍්‍රාමීය සංවර්ධන කටයුතු අමාත්‍යධූරයෙන් පි.ඩෙනිශ්වරන් මහතා ඉවත් කොට වෙනත් පුද්ගලයෙකු අදාළ අමාත්‍යධූරය වෙනුවෙන් පත් කිරීමට උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා කටයුතු කිරීම නීතිවිරෝධි බව අභියාචනාධිකරණය පසුගිය 05 වැනිදා තීන්දු කරනු ලැබීය. අදාළ තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණය ප‍්‍රකාශ කරනු ලැබුවේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා කල් ලබාදෙන බවයි. අභියාචනාධිකරණයේ දැනුම්දීම මත තමන් නීති විශාරදයින්ගේ උපදෙස් මත අදාළ තීන්දුවට එරෙහිව අභියාචනායක් ඉදිරිපත් කරන බව විග්නේශ්වරන් මහතා පැවසුවේය. අභියාචනාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් විග්නේශ්වරන් මහතාගෙන් විමසීමේදී හෙතෙම එලෙස ප‍්‍රකාශ කළේය. නඩු විභාගය සම්බන්ධයෙන් ඩෙනිශ්වරන් මහතා පැවසුවේ උතුරු පළාත් ප‍්‍රවාහන, ධීවර හා ග‍්‍රාමීය සංවර්ධන කටයුතු අමාත්‍යධූරයෙන් අයථා අන්දමින් තමා ඉවත් කොට වෙනත් පුද්ගලයින් සිය අමාත්‍යධූරය වෙනුවෙන් පත් කිරීමට විරුද්ධව තමන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනු කළ නඩු විභාගයේ තීන්දුව 05 වැනිදා ලබාදිමට අභියාචනාධිකරණ විනිසුරුවන් වන මහින්ද සමයවර්ධන මහතා හා ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා කටයුතු කළ බවයි. ඩෙනිශ්වරන් මහතා පැවසූෙවි පසුගිය 2017 අගෝස්තු 20 වැනිදා විග්නේශ්වරන් මහතා තමන් අමාත්‍යධූරයෙන් ඉවත් කළ බවට ලිපියක් යොමු කරලා තිබුණා. එහෙත් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව, පළාත් පාලන හා පළාත් සභා පනත අනුව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාට අමාත්‍යවරුන් ඉවත් කිරීමට බලයක් දීලා නෑ. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා,පළාත් සභාෙවි අනෙකුත් අමාත්‍යවරුන්, පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාද වගඋත්තරකරුවන් කරමින් නඩුව ගොනු කළ බවද ඩෙනිශ්වරන් මහතා ස`දහන් කළේය. ඩෙනිශ්වරන් මහතා පැවසූෙවි විග්නේශ්වරන් මහතා නීති විරෝධි ක‍්‍රියාවක් සිදුකොට ඇති බැවින් තමන් ඊට එරෙහිව නඩුවක් ගොනු කළ බවයි. ඩෙනිශ්වරන් මහතා දූෂණ හා වංචා සිදුකොට ඇති බව වන චෝදනාවන් මත ඩෙනිශ්වරන් මහතාට විරුද්ධව පළාත් සභාව පත්කළ විමර්ශන කමිටුවක් මගින් විමර්ශනයක්ද සිදුකෙරිණ. උතුරු පළාත් හිටපු අමාත්‍යවරුන් වෙනුවෙන් එල්ල වු දූෂණ හා වංචා චෝදනා මත පළාත් සභාවේ 2017 වසරේදී කටයුතු කළ අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඉවත් කොට විග්නේශ්වරන් මහතා නව අමාත්‍යවරුන් පිරිසක් එවක පත් කරනු ලැබීය. පළාත් සභාවේ අමාත්‍යධූර ඉවත් කිරීමට ප‍්‍රධාන අමාත්‍යවරයාට බලයක් නොමැති බවට එවක ධූරයෙන් ඉවත් වු අමාත්‍යවරුන් පැවසු අතර,අදාළ කාරණය හේතුවෙන් විග්නේශ්වරන් මහතා ඉවත් කිරීමේ මෙහෙයුමක්ද 2017 වසරේ පළාත් සභාව තුළ දියත්විණ. අදාළ කාරණාව හේතුකොටගෙන විග්නේශ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වි දෙමළ ජනතාව සභාව නමින් සංවිධානයක් බිහිකළ අතර,දෙමළ ජාතික සන්ධානය තුළ පක්ෂ අතර ගැටුමක්ද ඒ හේතුවෙන් උද්ගතවිණ. ඩෙනිශ්වරන් මහතා ජ්‍යේෂ්ඨ නීතිඥයෙකු ලෙස කටයුතු කරන අතර, උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..