brand logo

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය කොත්මලේ නිවසට

29 May 2020

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය මහජන ගෞරවය සදහා කොත්මලේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් පත් කර තිබේ. අද (29) පෙරවරුවේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයකින් තොණ්ඩමන් මහතාගේ දේහය කොළඹ සිට ගම්පොල ක්‍රීඩාංගණය වෙත රැගෙන යනු ලැබුවේය. අනතුරුව රිය පෙරහැරකින් තොණ්ඩමන් මහතාගේ දේහය ඔහුගේ නිවස වෙත රැගෙන ගොස් තිබේ. අද දිනය පුරා මහජන ගෞරවය සදහා දේහය නිවසේ තැන්පත් කර තැබෙන අතර, හෙට (30) දිනයේ දේහය කොටගල ලංකා කම්කරු කොංග්‍රසයේ මුලස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි. දේහය පිළිබද අවසන් කටයුතු ලබන 31 වන ඉරිදා නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට සැලසුම් කර තිබේ.
 

More News..