brand logo

අබුඩාබි බිග් ටිකට් තරඟයේ ප්‍රථම ත්‍යාගය ලාංකිකයෙක්ට

04 June 2021

එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ ඩුබායිහි සේවය කරන තවත් ශ්‍රී ලාංකිකයෙක් අබුඩාබි බිග් ටිකට් (Abu Dhabi Big Ticket )ලොතරැයි තරඟයේ ප්‍රථම ත්‍යාගය දිනා ගැනීමට සමතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මෙම ලොතරැයි දිනුම ලබා ‌ඇත්තේ ඩුබායි අවුරුදු 16කට ආසන්න කාලයක් හි සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු වන ජේ.ඩී.එස්.රසික නැමත්තෙකි. ඔහු ඩිනාර් මිලියන 15ක මුදලක් ජයග්‍රහණය කර ඇති අතර එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 81 කට ආසන්න වේ. මොහු එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ රාස් අල් කයිමා හි පදිංචිව සිටින අයෙක් වන අතර ඉකුත් මැයි 29 වැනිදා ඔහු මෙම අබුඩාබි බිග් ටිකට් ලොතරැයි පත මිලදී ගෙන ඇත. මෙම ජයග්‍රාහී ටිකට්පත මිළදී ගැනීම සඳහා යහළුවන් අට දෙනෙකු දායකත්වය ලබා දී ඇති අතර ඒ අනුව ඔහු මෙම පිරිස සමග ත්‍යාග මුදල බෙදා ගනු ඇත.   Sri Lankan expat in UAE, Rasika Jds, wins Dh15 million in Abu Dhabi Big  Ticket mega jackpot draw - Gulf Time News
 

More News..