brand logo

අබ්දුල්ලාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි - ලබන 24 දක්වා රක්ෂිත බන්ධානාගාරයට

10 June 2019

පාස්කු ඉරුදින ෂැන්ග්‍රිලා හෝටලය දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ අත්අඩංගුවට ගත් සේවකයින් අතරින් 10 වන සැකකරුවන කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කළේය. මෙම පැමිණිල්ල අද(10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකරුවන් ඇතුළු සැකකරුවන් 10 අධිකරණය හමුවේ පෙනී සිටියේය. අද නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ සිටියේ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් අබ්දුල්ලාට ඇප ලබාදෙන ලෙසයි. කෙසේ වෙතත් ඊට විමර්ශන නිලධාරීන් විරෝධය දැක්වූ අතර ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කියා සිටියේ 10 වැනි සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ විමර්ශනය කරන බවයි. ඒ අනුව 10 වැනි සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා සෙසු සැකකරුවන් පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් ලබන මස 15 වැනි දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 

More News..