brand logo

අප-ජලය සහිත කාණු පද්ධතියකින් කොරෝනා වෛරසය හමුවෙයි

28 May 2021

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ අප-ජලය සහිත කාණු පද්ධතියක තිබී කොරෝනා වෛරසය හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එලෙස වෛරසය හමුවීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෙසෙන ජනතාවට සෞඛ්‍ය අංශ මගින් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. හෝම්බුෂ් බටහිර, ස්ට්‍රත්ෆිල්ඩ්, කොන්කොර්ඩ් බටහිර, සිඩ්නි ඔලිම්පික් පාර්ක්, ඇතුළු ප්‍රදේශ රැසක ජීවත්වන 40,500ක් පමණ වන පිරිසකට සෞඛ්‍ය අංශවල අනතුරු ඇඟවීම බලපාන බව වාර්තා වේ. මෑතකදී හඳුනාගත් කොවිඩ් ආසාදිතයා එම පළාතේ පුද්ගලයෙ වන අතර එබැවින් ජනතාව කොරෝනා රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වියයුතු බව සෞඛ්‍ය අංශ පවසයි.
 

More News..