brand logo

අපේ වෛද්‍යවරයෙක් ජාත්‍යන්තරයේ ඇගයෙයි

20 October 2020

කැනඩාවේ 'ටොරොන්ටෝහි පවත්වන ලද ජාත්‍යන්තර නව නිපැයුම් නවෝත්පාදන තරගාවලියේදී රටවල් ගණනාවකින් ඉදිරිපත් කර තිබූ නව නිපැයුම් අභිබවමින් ලාංකීය වෛද්‍යවරයෙකු ඉදිරිපත් කල නිපැයුමකට තරඟාවලියේ‍ ‍දෙවන ස්ථානය හිමිවී ඇත මෙම තරඟාවලිය ටොරොන්ටෝ ජාත්‍යන්තර නවෝත්පාදන සහ උසස් නිපුණතා සංගමය විසින් සංවිධානය කර ඇත. මේ සඳහා ලංකාවේ උගුර, කණ, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා විසින් ඉදිරිපත් කර තිබූ උගුර, කණ, නාසය පරීක්ෂා කිරීමේ විශේෂිත උපකරණය මෙලෙස රිදී පදක්කමින් පිදුම් ලබා ඇත. නව නිර්මාණය මගින් රෝගියා සමඟ කිසිදු ස්පර්ශවීමකින් තොරව අවශ්‍ය නම් කාමර දෙකක සිට වුවද රෝගියාගේ අවයවයන් පරීක්ෂා පරීක්ෂා කල හැක. ලෝක සෞඛ්‍ය සංවිධානයේද අවධානයද ‍එම නව නිර්මාණය කෙරෙහි අවධානය යොමුකර ඇත. මින් පෙරද අල්ට්‍රාසොනික් තාක්ෂණයෙන් බාහිරින් කිසිදු කැපුමක් නොමැතිව උගුර අභ්‍යන්තරයේ ශල්‍යකර්මයක් මෙරටදී ප්‍රථම වරට සිදුකිරීමේ ගෞරවයද හිමිකරගෙන ඇත.
 

More News..