brand logo

අපේ මැදපෙළ පිතිකරුවන් හොඳටම මානසිකත්වයෙන් වැටිලා

21 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන 6 වැනි තරගය අද පැවැත්වීමට නියමිතය. ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගය. මෙම තරගයට පෙර ඊයේ (20) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ. එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදුන් දිමුත් කාරුණාරත්න....   ප්‍රශ්නය - අද එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරගයට ඇති සූදානම කොහොමද ? දිමුත් - ක්‍රීඩා කරන කොට අපි හැමෝටම විශ්වාසයක් තියෙන්න ඔ්නේ. එංගලන්තය ලෝක කුසලාන තරගාවලියේ මේ වෙන කොට උඩින්ම ඉන්න කණ්ඩායමක්. අනිත් එක ඔවුන් ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේම රටේ ඒ සහයෝගයත් ඔවුන්ට තියෙනවා. අපි බලන්න ඕනේ ඔවුන් ක්‍රීඩාකරපු විලාසයයි, කොහොමද ඔවුන්ට එරෙහිව සටනක් දෙන්නේ කියලා. එංගලන්තයේ හොද පිතිකරණ ලැයිස්තුවක් තියෙනවා. අපි බලන්න ඕනේ කොහොමද ලකුණු අඩුවෙන්ම තියාගන්නේ කියලා. ඒකට අවශ්‍ය කරන සැලසුම් අපි පහුගිය දවස් ටිකේදීම සාකච්ඡා කළා. අපේ පැත්ත ගැන කතා කළොත් අපි දන්නවා අපේ මැදපෙළ පිතිකරුවන් පහුගිය තරග තුනේදීම අසාර්ථකයි කියලා. අපිට වෙනස් කරන්න මැදපෙළ තවත් පිතිකරුවෝ නැහැ. ඉතිං අපි බලන්න ඕනේ කොහොමද ඔවුන්ගේ මානසිකත්වය හදලා ජයග්‍රහණයකට ඔවුන්ගෙන් සහයෝගයක් ගන්නේ කියලා. අපේ මැදපෙළ පිතිකරුවන් හොදටම මානසිකත්වයෙන් වැටිලා ඉන්නේ. අපිට ඕනේ මේ ඉන්න 15දෙනාගෙන් තරගයක් දිනන්න.   ප්‍රශ්නය - අද (21) තරගයට අවිශ්ක ප්‍රනාන්දුට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් තියෙනවාද ? දිමුත් - මුලින්ම අපි විකට් එක බලලා ඉන්න ඔ්නේ. අපි 15දෙනාටම සූදානම් වෙලා ඉන්න කියලා තියෙන්නේ. විකට් එක සහ කාලගුණයත් බලලා තමයි කණ්ඩායම් නම් කරන්නේ. විකට් එක හොද වුනොත් ගොඩක් වෙලාවට අවිශ්කට අවස්ථාවක් ලැබෙයි. අපි කිව්වා හැමෝටම ක්‍රීඩාකරන්න චාන්ස් එකක් දෙන්න. මොකද කොහොමද ක්‍රීඩාකරන්නේ කියලා බලන්න ඔ්නේ. ගොඩක් වෙලාවට අද තරගයට අවිශ්කට චාන්ස් එකක් ලැබෙයි.
 

More News..