brand logo

අපේ පක්ෂය බංකලොත් නැහැ

24 July 2020

අන්තවාදයට, තස්ථවාදයට හා ආගම්වාදයට සහයෝග දක්වන දේශපාලනයක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (23) මඩකලපුව නගරයේ පැවැති ජන හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය. ජනතාව අතර බෙදීම් ඇති කරන දේශපාලනයකට සිය පක්ෂයෙන් ඉඩක් නොදෙන බවත් සියලු ජාතීන් එක් කරගත් සංවර්ධන වැඩපිළිවෙලකට රට ගෙනයාමට සිය පක්ෂයට හැකියාව ඇති ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව අවස්ථාවේදි මුසිල්ම ජනතාව ලබාදුන් තොරතුරු හේතුවෙන් කල්මුණේ කදවුර විනාශ කිරීමට හැකි වූ බව රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය. එම ප්‍රදේශයේ ජනතාවට සැවොම ස්තූතිවන්ත විය යුතු බවත්, එමෙන්ම දෙමළ, බර්ගර් ජනතාව ලබාදුන් තොරතුරු හේතුවෙන් කොටි සංවිධානය පරාජය කිරීමට හැකි වූ බව ඔහු පැවසීය. ඔවුන්ට ද අප ස්තූතිවන්ත කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කරයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා...... අපේ පක්ෂය බංකලොත් නැහැ, අද රටේ සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. පවුලේ ආර්ථික කඩා වැටිලා. රැකියා නැහැ. ධීවර නිෂ්පාදන අලෙවි කරන්න බැහැ. මේ කියන ගැටළු වලට පොහොට්ටු ආණ්ඩුවට කිසිම විසදුමක් නැහැ.
 

More News..