brand logo

අපේ ජාතික උරුමයන් ඇස් පනා පිට අමු අමුවේ විනාශ වෙනවා

20 July 2020

මේ ලබු කබල් දිය යට ගොස් කලූගල් උඩ පාවෙන අබුද්දස්ස කාලයක් බව බොදුබල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඉකුත් 19 දා කුරුණෑගල දී පැවසූහ. උන් වහන්සේ මෙම අදහස් පල කලේ කුරුණෑගල නඟර සබාව විසින් පසුගිය 14 දින කඩා දැමූ ෙඓතිහාසික වටිනාකමකින් යුත් බුවනෙක ගොඩනැගිල්ලේ නීරීඬණ චාරිකාවකට සහභාගී වෙමිනි. එහිදී කඩා දැමුනු ගොඩනැගිල්ල පරීඬා කල උන් වහන්සේ අනතුරුව මෙසේ පැවසූහ කාලයකුරුණෑගල මේ සිද්ධිය අද බොහෝ දෙනා එක එක පැති වලට පෙරලගෙන දේශපාලන වාසි ගන්න හදනවා. චම්පික රණවකලා වෙන්න පුලූවනි. අකිල ලා වෙන්න පුලූවනි. නලීන් බංඩාර ලා වෙන්න පුලූවනි. අනේ ඕකුන්ගේ ආණ්ඩුව තියෙනකොට මොනවද උනේ නැත්තේ. එදා ගුරුකන්දේ හාමුදුරුවන්ගේ ආදාහනේ කර ගන්න ඉඩ දෙන්න බැරි උනා උන්ට මුලතිව් වල. විල්පත්තුව කපන එක නවත්ත ගන්න බැරි උනා. දැන් තමයි මෙයාලට මේ උරුමය මතක් වෙලා තියෙන්නේ. මේවා ඔක්කොම තක්කඩි දේශපාලන උවමනා විතරයි. කෙසේ වෙතත් කවුරු කලත් මේ කරලා තියෙන වැඩේ නම් අන්තිම නරකයි. බුවනෙකබාහු රජ දවස රාජ සබාව පැවැත්වූ බවට සැලකෙන මෙම ස්ථානය ෙඓතිහාසික වටිනාකමකින් යුත් සංරඬණය කල යුතු ස්ථානයක්. එෆ්.එච්.මොඩර් කියන ඉංග්‍රීසි ජාතිකයා 1893 දී සටහනක් තබා තිඛෙනවා මෙම ස්ථානයේ පැවති රාජ සභාවක් පිළිබඳව. එවැනි ස්ථානයක් තමයි කුරුණෑගල නඟර සබාව විසින් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැති කඩා දමලා තිඛෙන්නේ. අපි මෙතනදි අහන්නේ එක දෙයයි. කෝ මේ රටේ නීතිය. සීගිරිය නරඹන්න ආපු දෙමළ තරුණියක් හැට්ට කටුවකින් බිත්තිය කුරුටු ගෑවා කියලා අත්අඩංගුවට ගත්තා. පිදුරංගල විහාරස්ථානයේ දී කොල්ලො කීපදෙනෙක් කොලූකමට පස්ස පැත්ත පෙන්නුවා කියලා උන්ට නීතිය ක්‍රියාත්මක කලා. හැබැයි සිංහල රජ සමයට නෑකම් කියන කුරුණෑගල සිද්ධියට සම්බන්ධ කවුරුන් අමනයන් ගැන තාම කිසිම හාවක් හූවක් නැහැ. නැති බැරිකමට කැලෙන් දර කෝටුවක් කැපුවොත් ඇපත් නැති වෙනවා. ඒත් මේ තරම් ෙඓතිහාසික වටිනාකමක් තිඛෙන තැනක් කෙලසපු උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ අහිංසක නැති බැරි උන්ට විතරද. පාලකයන්ට මේ රටේ නීතිය බලපාන්නේ නැද්ද. උන්ගේ ගෝලයන්ට නීතිය බලපාන්නේ නැද්ද. මේ අපි ඉන්නේ අබුද්දස්ස කාලෙක. අබුද්දස්ස කාලේ ආවම කලූගලූ යි ලබු කබලූයි වතුරට දාපුවම කලූගල් උඩ පාවෙලා ලබු කබල් යට යනවලූ. දැන් වෙන්නෙත් ඒක. අර පැත්තෙන් නැගෙනහිර පුරාවස්තු ටික විනාශ කරනවා. අම්පාරේ දීඝවාපි රඬිතයේ පරිවාර චෛත්‍ය දක්වාම සමහර අන්තවාදියෝ ඩෝසර් කරනවා. කැලෑ ටික කපනවා. බුදු පිලිම අයින් කරනවා. අපේ ජාතික උරුමයන් ඇස් පනා පිට අමු අමුවේ විනාශ වෙනවා. මෙහෙම ගියොත් හෙට ජේතවනේ පෙරලූවත් එච්චරයි. මේ කිසි දේකට තාම මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන පාටක් නැහැ. ඒ නිසා අපි ගෝඨාභය රාජපඬ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා දැන් ඉතිං මේවට විරුද්ධව ක්‍රියා කරන්න කියලා. ඔන්න දැන් එයාට වැඩ පෙන්නන්න කාලේ හරි.
 

More News..