brand logo

අපේ කාලේ ආශාව කඩුළු සහ ලකුණු ලබාගැනීම, දැන් ක්‍රීඩකයින්ගේ ආශාව මුදල්

11 February 2019

වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩකයන් වාණිජකරණය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අග්‍රගනයේ දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා. චෙන්නායි හිදී ද හින්දු පුවත්පත සමග සාකච්ඡාවක නිරත වෙමින් ඔහු කියා සිටියේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ද මේ වන විට අභාවයට යමින් පවතින බවයි. මෙම සාකච්ඡාවේදී මුරලි දැක්වූ අදහස්, මම ක්‍රීඩා කරන කාලයේදී මුදල් නෙමෙය නිර්ණායකය වුණේ. 1990 වසරේදී, හුගක් මුදල් තිබුණේ නැහැ. අපේ ආශාව වුණේ හුගක් කඩුළු ගැනීම සහ ලකුණු ලබාගැනීමයි. වර්තමානය වෙද්දි ඒ ආශාව වෙනස් වෙලා තියෙනවා. ක්‍රීඩකයින් ඉන්නේ මුදල් හම්බකරන් නම්, ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන තත්ත්වය පහළට යාම අනිවාර්යයි. ක්‍රීඩකයෙක් වශයෙන්, ඔබ හිතන්න ඕනේ ඔබේ ක්‍රීඩාව, සල්ලි ගැන නෙමෙයි. හොදින් දක්ෂතා දැක්වුවොත් සල්ලි සහ පිළිගැනීම පසුපස්සෙන් ඒවී. මෑත කාලයේදී ගත්තාම ශ්‍රී ලංකාව හොද දක්ෂතා අතර නැහැ. පසුගිය වසර 3, 4 තුළ දක්ෂතාවය නැතිවෙලා ගිහින්. දක්ෂතාවය අඩුවීමත් එක්ක, එයාලා දන්නේ නැහැ කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා. පුහුණුකරුවන්ට බැහැ ක්‍රීඩකයන් නිර්මාණය කරන්න. පුහුණුකරුවන්ට පුළුවන් මූලික දැනුම ලබාදෙන්න. ඉන් අනතුරුව තනි තනි වශයෙන් ක්‍රීඩකයන් දැනගත යුතුයි සාර්ථකත්වට පත්වෙන්න.
 

More News..