brand logo

අපේක්‍ෂකයන් 06ක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැහැ

28 October 2019

ජනාධිපති අපේක්‍ෂකයෝ 35 අතුරින් අපේක්‍ෂකයෝ 06 දෙනෙකු තම වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට භාරදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. සභාපතිවරයා ප්‍රකාශ කළේ නියමිත කාලසීමාව තුළ වත්කම් බැරකම් ප්‍රකශ ලබාදෙන ජනාධිපති අපේක්‍ෂකයන් සඳහා නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන බවය. මෙම අපේක්‍ෂකයන් අතරින් එක් අපේක්‍ෂයෙක් පිළිගත් දේශපාල පක්‍ෂයක් නියෝජනය කරන අයෙක් බවත්, අනෙකුත් අපේක්‍ෂකයන් 05ක් ස්වාධීන අපේකෂකයන් ලෙස නාමයෝජනා ලබාදී ඇති බව සභාපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදෙන අපේක්‍ෂකයෙකුට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට මාස 03ක කාලයක් ලබාදී ඇත.
 

More News..