brand logo

අපේක්ෂා රෝහල ලේ ඉල්ලයි

17 May 2021

රුධිර සංචිත අවප්‍රමාණය වීම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්වන ලෙස මහරගම අපේක්ෂා රෝහල පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක්කර තිබේ. කොවිඩ් වසංගතය ව්‍යාප්තිය වේගවත්වීම සමඟ පිළිකා රෝගීන් වෙනුවෙන් ඇති රුධිර සංචිත ඉතා ශීඝ්‍රයෙන් අඩුවී ඇත. දිවයින පුරා ලේ බැංකුවල රුධිර පරිත්‍යාගයන් සඳහා http://nbts.heath වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීමෙන් පසුව ලැබෙන කෙටි පණිවුඩය භාවිතා කරමින් ද රුධිර පරිත්‍යාගලාභීන්ට එම පරිශ්‍ර වෙත පැමිණිය හැකි බව අපේක්ෂා රෝහල් සදහන් කරයි. එමෙන්ම මහරගම අපේක්ෂා රෝහලේ දුරකතන අංක ඇමතීමෙන් ද අවශ්‍ය වේලාවන් වෙන් කර ගත හැක. ජාතික රුධිර මධ්‍යස්ථානය 011- 2369931 මහරගම අපේක්ෂා රෝහල 011 – 2849 525 සහ 0718 845 700
 

More News..