brand logo

අපි දින්නම මැතිවරණ කොමිසමේ බලය අඩු කරනවා

28 July 2020

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මැතිවරණ කොමිසම සතු බලතල අඩු කිරිමට තිරණයක් ගන්නා බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහත පැවසිය. මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ (28) දින මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිණි. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ ලංකානු දේශපාලනයේ තනි පක්ෂයක් 2/3 බලයක් ලබා ගන්න ප්‍රථම අවස්තා මෙවර මහ මැතිවරණයයි. ජේ.ආර්.ජයවර්ධන මහතා මේ මැතිවරණ ක්‍රමය හදනා තියෙන්නේ 2/3 බලයක් ලබා ගන්න බැරිවෙන්න. හැබැයි අපිට 2/3 බලය ලබා ගන්න වටපිටාව සකස් වෙමින් තියෙනවා. ඒකට හේතුව වත්මන් ජනාධිපතිවරයා , එතුමාගේ තින්දු තිරණ , වැඩ පිලිවෙල. ජනතාව අතර එතුමා කෙරෙහි විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. එ නිසා අනිවාර්යෙන්ම 2/3 බලයක් අපි ලබා ගන්නවා. එක්සත් ජාතික පක්ෂය දෙකඩ වෙලා , මේ බෙදිම තුල එක්සත් ජාතික පාක්ෂිකයන් 20% ජන්දය ලබා දෙන්න යන්නේ නැ. වතුකරයේ ජනතාව සහ මුස්ලිම් ජනතාව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග ඒකරාශ්‍රි වෙමින් පවතිනවා. ආසන 150 වැඩි බහතුර බලයක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ලබා ගන්නවා. උතුරේ අන්තවාදි පක්ෂ කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට තනි බලයක් ලබා දෙන්න එපා එහෙම වුනොත් රට අවධානම් තත්ත්වයකට පත් වෙනවා කියලා. අන්තවාදය ගේනන හදන්නේ , පසුගිය ජනාධිපතිවරණයේදි මේ අය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජයට පත් කරන්න කටයුතු කලා. උතුර දකුණ කියලා නැ රටම තිරණය කරලා ඉවරයි ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන්න. ශානක ප්‍රසාද් - නාවලපිටිය
 

More News..