brand logo

අපි ආණ්ඩුවක් හදන එක ඉර පායනවා වගේ

22 July 2020

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවක් පිහිටවීම ඉර පායන ආකාරය තරම් විශ්වාසවන්ත යැයි නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණ අපේක්ෂක එස්.බී. දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ කොත්මලේ ප්‍රදේශයේ රැස්වීමකදීය. එහිදී අදහස් දැක්වූ එස්.බී. දිසානායක මහතා...., පාර්ලිමේන්තු යොජනාව සම්මත කරගන්න සජිත් ලා වගේ රට ගැන ආර්ථිකය ගැන අල්ප මාත්‍රයක් අධ්‍යාපනයක් දැනුමක් නැති මේ මොඩ රැල අපිට දුන්නෑ. ඒ සල්ලි ඔක්කොම පහුගිය එ.ජා.ප ආණ්ඩව ගෙවන්න තිබ්බ එවා. ඒ නිසා තමයී ජනාධිපතිතුමා බැංකු වලට කිව්වේ පුළුවන් තරම් ඉතාම අඩු පොලියට මිනිස්සුන්ට මුදල් නිදහස් කරන්න. රටේ මුදල් පරිහරණය වැඩි කරන්න කියලා.ඒක කලේ නෑ කියලා තමයී පහුගිය කාලේ බැංකුවලට බොහොම වේගයෙන් කේන්තියෙන් කතා කළේ. රට අළුත් ගමනක් ආරම්භ කරන්න සැරසෙන මොහොතක්.ගියසැරේ ගෝඨාභය රජපක්ෂ මැතිතුමාට ලැබුන ඡන්ද ප්‍රමාණය බැළුවාම අපිට 126 ක් තියෙනවා දැන්.ඒ නිසා අපි ආණ්ඩුවක් හදන එක ඉර පායනවා වගේ වැඩක්. සාමාන්‍යයෙන් මැතිවරණයක් තියලා මැතිවරණයක් තිබ්බම දිනපු අය වැඩියෙන් දිනනවා. පැරදුන අය වැඩියෙන් පරදිනවා.ඒක ලෝක ස්වභාවය. අපිට දැනට 126. ජවිපෙට 1 යී එන්නේ.එජාපයට 51 යී. හංසයට ලැබුන ඡන්ද ගාන බැළුවාම ටි.එන්.ඒ. ,දිඝාම්බරම් ඔය සියල්ලෙම එකතුව 64 යී.දැන් ඒ එජාපය දෙකට කැඩිලා. පක්ෂයක් දෙකට කැඩුනම වෙන දේ තමයී පක්ෂයේ 25% විතර පක්ෂය දාල යනවා. මේ මොන පිස්සොද කියලා.ශක්තිමත් පක්ෂයක් එක්ක හිටගන්නවා.දැන් එක රට පුරා.ගම පුරා සිදුවෙමින් පවතිනවා. ඒක නුවරඑළියේ ත් සිදුවෙමින් පවතිනවා. මේ වෙලාවේ අපිට පක්ෂ නෙමෙයී වැදගත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදලා රට වේගවත් සංවර්ධනයකට ගෙනියන එක.
 

More News..