brand logo

අපිට ලකුණු ලබාගන්න ක්‍රමයක් සොයාගන්න පුළුවන්

13 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද (13) ආරම්භවීමට නියමිතව තිබෙනවා. මෙම තරගය සම්බන්ධයෙන් මෙන්ම කණ්ඩායමේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. හුගක් අය දන්නවා අපි කුමන තත්ත්වයක ඉදන්ද ක්‍රීඩා කරන්නේ කියලා. අපිට ලකුණු ලබාගන්න ක්‍රමයක් සොයාගන්න පුළුවන්. අලුත් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුත් කණ්ඩායමට ඇවිත් ඉන්නේ. ඒක හොද සළකුණක්. එයාලා ශ්‍රී ලංකාවේ දේශීය තරගවලදී හුගක් හොදින් දස්කම් දැක්වුවා. ක්‍රීඩකයින් කිහිපදෙනෙක් දේශීය තරගවලදී ලකුණු 1000සේ සීමාව පසු කළා. මම හුගක් උනන්දුවෙන් ඉන්නේ එයාලා ක්‍රීඩාකරන ආකාරය දැක බලාගන්න. නායකයෙක් වශයෙන් මම එයාලා තුළ හොද විශ්වාසයක් ඇති කරලා තියෙනවා. මම එයාලාට කියලා තියෙන්නේ කණ්ඩායම දැන් තිබෙන තත්ත්වය අනුව කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා. තවත් උපදෙස් මම ලබාදුන්නා. මම ඇතුළුව තවත් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් අවසානයේදි දකුණු අප්‍රිකාවේදී ක්‍රීඩා කළා. ඉතිං අපි කිහිපදෙනෙක් දන්නවා මොනවගේ සැළැස්මකට ද ක්‍රීඩා කරන්න ඔ්නේ කියලා. ඒ වගේම අපේ සැළැස්ම නවක ක්‍රීඩකයනුත් දන්නවා. ක්‍රිකට් ක්‍රීඩා කිරීම හිතන තරම් ලේසි නැහැ පිටතින් ගැටළු එන විට. මෙම තත්ත්වය උඩ අපි කණ්ඩායමක් විදිහට උත්සාහ කරන්නේ ක්‍රිකට් ගැන පමණක් අවධානය යොමු කරන්න. පිටතින් එන ගැටළු ගැන අවධානය යොමු කරන්නේ නැහැ. කණ්ඩායම තුළ වෙනස්කම් සිදුවෙන්නේ තේරීම් කමිටුවට අනුව. අපිට අවශ්‍ය හොදින් ක්‍රිකට් ක්‍රීඩා කරන්න. ඒ වගේම තරගකාරීව දකුණු අප්‍රිකාවට මුහුණදෙන්න. මෙහිදී දිමුත් කරුණාරත්න තමන්ව ICC ටෙස්ට් කණ්ඩායමට ඇතුළත්වීම පිළිබදව දැක්වූවේ මෙවන් අදහසක්... ඒක හරියට සිහිනයක් සැබෑ වුණා වගේ. ඔබ හොදින් ක්‍රීඩාකළොත් ත්‍යාග සම්මාන ඉබේම ලැබේවි. මම කවදාවත් හිතුවේ නැහැ ICC ටෙස්ට් කණ්ඩායමට ඇතුළු වෙන්න අවශ්‍යයි කියලා. මට අවශ්‍ය සෑම වසරකම ක්‍රීඩාව පැත්තෙන් දියුණුවෙන්න. මම 2017දී ලකුණු 1000 සම්පූර්ණ කළා. ඒත් මට 2018 වසරේ ටෙස්ට් ක්‍රිකට් තරග 3ක් අහිමිවුණා. මට අවස්ථාවක් ලැබුනොත්, මට අවශ්‍ය තරගය දිනවන්න මගේ දක්ෂතාත් සමග.
 

More News..