brand logo

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මියගිය දරුවන්ට හිමි සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ තවමත් ලැබී නැහැ

09 July 2019

පසුගිය අප්‍රේල් 21වන දින එල්ල වූ පාස්කු ප්‍රහාරයට මාස 3ක් පමණ ගතවුවද මියගිය දරුවන්ට හිමි සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ තවමත් ලැබී නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධානි ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියි. මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව මිය ගිය පාසල් දරුවන් 30කට අසන්න පිරිසක් වන අතර දෙමව්පියන් දෙදෙනාම හෝ එක් අයෙක් මිය ගිය දරුවන් 24කජ් වෙති. මෙම සිසුන්ගේ තොරතුරු කලාප අධ්‍යාපන කාර්යාලයට හා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යෝ,මු කර ඇති නමුත් මෙතෙක් ප්‍රතිලාභ ලැබී නැහැ. මේ පිලිබඳ නිවේදනයක් නිකුත් කරන ලංකා ගුරු සංගමය, මහජන මුදලින් අතිවිශාල මුදලක් වියදම් කර දැවැන්ත ප්‍රචාරයක් ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිසු රක්ෂණාවරණයක් ලබදිඅට කටයුතු කළ එහි ක්‍රියාකාරිත්වය ඉතා කණගාටුදායක බවද පවසා සිටි. එමෙන්ම ප්‍රහාරයට වගකිවයුත්තන් එකිනෙකට චෝදනා කරමින් සිටින බවත් දරුවන්ගේ හිමිකම ලබා නොදී සුරක්ෂ රක්ෂණය ලබාදී ඇති පෞද්ගලික රක්ෂණ සමාගමේ කාලය ඉකුත්වන තුරු හොරගල් අහුලමින් සිටින බවට ස්ටාලින් මහතා එම නිවේදනයේ සඳහන් කර තිබේ. අදාළ රක්ෂණ සමාගමේ ගිවිසුම් කාලය නොවැම්බර් 30 දිනයෙන් අවසන්වීමට නියමිතව තිබියදීත් මේ දක්වා ප්‍රතිලාභ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම බරපතල ගැටලුවක්ව ඇත. ඒ අනුව අධ්‍යාපනයට වෙන් කළ මුදල් පෞද්ගලික රක්ෂණ සමාගම් පෝෂණයට යොදා නොගෙන ප්‍රතිලාබ ලැබිය යුතු දරුවන් වෙනුවෙන් එය යොදවන මෙන් ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යවරයා වෙත අවධාරණය කර සිටියි. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දුරකතනයෙන් සම්බන්ධකරගැනීමට කිහිපවරක් උත්සහ කළද එය ව්‍යර්ථ විය. ශිරන්තනි මානවඩු
 

More News..