brand logo

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ඉන්දිය නිලධාරීන් 02කින් යුත් කණ්ඩායමක් දිවයිනට

29 May 2019

N.I.A හෙවත් ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සියේ නිලධාරීන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණ ඇත. ඒ, අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් ඉන්දියාව සමඟ පැවති සබඳතා පිළිබඳ විමර්ශනය කිරිම සඳහා වන අතර ඉන්දීය පොලිස් ප්‍රධානී ආලෝක් මිත්තල්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩාමේ අරමුණ ජාතික තවුහීඩ් ජමාත් සංවිධානය හා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වු මොහොමඩ් සහරාන් ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරල ප්‍රාන්තයේ පුද්ගලයන් සමඟ පැවත්වු සබඳතා පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම බව සඳහන් වෙයි. එමගින් ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ඉන්දියාවට එල්ලවීම වැළැක්වීම ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අරමුණ වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 

More News..