brand logo

අපරාධ රැසකට සම්බන්ධ "පප්පා" අත්අඩංගුවට

09 January 2019

සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ මොහු බමුණු ආරච්චිගේ නොහොත් මොහොමඩ් සල්මාන් රිල්වාන් නොහොත් පප්පා යනුවෙන් හදුන්වන අපරාධකරුවෙකු බවයි. පසුගිය 03 වැනිදින පස්වරුවේ මාලිගාවත්ත ඛෙත්තාරාම මාර්ගයේදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 340ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොහු මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් විමර්ශන සිදුකර තිබෙනවා. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී පහත අපරාධ වලට සම්බන්ධ බවට කරුණු අනාවරණය කර ගත් බවයි පොලීසිය පවසන්නේ. තවද සැකකරුගෙන් වැඩදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී සැකකරු විසින් මාලිගාවත්ත ඇපල්වත්ත මහල් නිවාස සංකීර්ණයේ පිටුපස ඉඩමේ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් වලදමා තිබූ බවත්, එය ඊයේ පස්වරුවේ සොයාගෙන තිබෙනවා. මෙම සැකකරු මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවට කරුණු අනාවරණය වී ඇති අතර, තවත් අපරාධයන්ට සම්බන්ධද යන්න පිළිබද කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් විමර්ශන සිදුකරනවා.
 

More News..