brand logo

අපරාධ රැල්ල ගැන ආරක්ෂක ලේකම් කියන දේ

26 August 2020

මේ වන විට අපරාධ රැල්ල විශාල වශයෙන් මැඩපවත්වා ගෙන ඇති බව අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා අපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. අමාත්‍යංශයේ වැඩ භාරගනිමින් අද දින (26) පෙරවරුවේ එතුමා මේ බව පැවසුවා. “මේ රටේ විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබුණ සංවිධානාත්මක අපරාධ රැල්ල ඒ වගේම මත්ද්‍රව්‍ය රැල්ල, කප්පම් ගැනිල්ල සහ පාතාල සාමාජිකයින්ගේ ක්‍රියාකාරකම්, විශාල වශයෙන් වැරදි මාර්ගයකට යොමු වෙමින් තිබුණා. අපිට අද සමාජය හරි මාර්ගයකට යොමුකරගන්න පුළුවන්වෙලා තියෙනවා. අපි විශාල සාර්ථකත්වයක් මේ දක්වා ලබා ගෙන තියෙනවා. “ යනුවෙන් එතුමා ද පැවසුවා. “අපි ඉදිරියටත් එලෙස සාර්ථකත්වය ලබාගෙන, අපේ රටේ ජනතාවට සහ අනාගත පරම්පරාවට සාමයෙන් සතුටින් කරදරයක් නැතිව ගෞරවාන්විතව ජීවත් වීමට පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න සැදී පැහැදී ඉන්නවා," වශයෙන් වැඩිදුරටත් සඳහන් කළා
 

More News..