brand logo

අපද්‍රව්‍ය වළක් පිරිසිදු කිරීමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

25 April 2019

වවුනියාව නගරයේ තාණ්ඩිකුලමේ ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය රැදී පැවති වළක් පිරිසිදු කිරීමට ගිය වවුනියාව නගර සභා සේවකයින් සිව් දෙනෙකු විෂ වායුව ආඝ්‍රාහණය වීමෙන් අද(25) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ වවුනියාව ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෙකු වවුනියාව නගර සභාවට අයත් ගව ඝාතකාගාරය ටෙන්ටර් පදනම ලබාදෙන පවත්වාගෙන ගොස් ඇති අතර,අදාළ ගව ඝාතකාගාරයේ අපද්‍රව්‍ය වළක් අද(25) දහවල් වවුනියාව නගර සභා සේවකයින් විසින් පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ අනතුරට භාජනය වී ඇති බවයි. අදාළ අනතුරින් වවුනියාව නගර සභාවට අයත් වයස අවුරුදු 28 ත් 42 ත් අතර නගර සභා සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය. පොලිසිය පැවසුවේ මියගිය පිරිසගේ මළ සිරුරු වවුනියාව රෝහලේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..