brand logo

අඳිරි නීතිය වෙලාවේ පැවති ලව්වාගේ ෆේස්බුක් සාදය වටලා 12 ක් අත්අඩංගුවට

27 March 2020

කලුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පිය පුතු දෙපලක විසින් සංවිධානය කළ ෆේස්බුක් සාදයක් වැටලීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු කලුතර දිසා දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22-42 අතර වියෙහි පසුවන කලුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. මෙහි ප්‍රධාන සංවිධායක ලව්වා නැමති ප්‍රධාන සැකකරු සිය පුතා යොදවා මෙම සාදය තුල මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බව විමර්ශනවලදී හෙලිවී තිඛේ. සැකකරුවන් සතුව තිබී මත් පෙති අයිස්හෙරොයින් කේ ජී නැමති මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය පවසයි. කලුතර දිසා දුසණ මර්දන ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් කෝරාලගේ පොලිස් සැරයන් සුසිල් 45783 විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි. හේමන්ත ලියණපතිරණ
 

More News..