brand logo

අනූෂා දමයන්ති සහ අර්ජුන් කමලනාත් පොහොට්ටුවෙන් මහ මැතිවරණයට

20 January 2020

ඉදිරි මැතිවරණයේදී තරඟ වැදීමට ඉදිරිපත් වන ලෙස ජනතාව තමන් ගෙන් ඉල්ලා සිටින බව රංගන ශිල්පිනී අනුෂා දමයන්ති සඳහන් කරයි. අන්තර්ජාල මාධ්‍යයක් සමඟ අදහස් පලකරමින් ඇය මේ බව පවසා ඇති අතර ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරගවදින බව සිනමා නළු අර්ජුන කමලනාත් මහතා ඊයේ (19) නිවේදනය කළේය. "ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මැතිතුමාගේ ආරාධනයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට මම ඉදිරිපත් වෙනවා" යනුවෙනුයි ඔහු සඳහන් කළේය. ඒ අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට සහභාගිවෙමින්ය.
 

More News..