brand logo

අනුර ලෙව්කේ රක්ෂිත බන්ධනාගාරයට

29 September 2020

බූවැලිකඩ කඩා වැටුන පස් මහල් නිවසේ හිමිකරු වු අනුර ලෙව්කේ ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අත්අඩංගුවට ගත් ඔහුව අද (29) දින මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා පාර ප්‍රදේශයේ පසුගිය 20 වනදා අලුයම පස් මහල් ගොඩනැගිල්ලක් තවත් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් එහි සිටි මාස එක හමාරක් වයසැති බිළිඳියක සහ ඇයගේ මව සහ පියා ජීවිතක්ෂයට වුණා. මේ සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විසින් සිදුකරනු ලැබූ දීර්ඝ විමර්ශනයකට අනුව ගිලා බසින ලද එම ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ අද (29) උදෑසන මහනුවර පොලිස් ස්ථානයට කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
 

More News..