brand logo

අනුර එන්නේ විජිතගේ පක්ෂයෙන්

24 August 2019

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා ලෙස ජාතික ජනබලවේගයෙන් නම් කළ අනුර කුමාර දිසානායක ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ තරග කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ලේකම් ධුරය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නම වෙනස් කර ඒ යටතේ මැතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. දැනට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සලකුණ වන කුසලානයෙන් තරග වදිනවාද සලකුණ වෙනස් කරන්නේද යන්න පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මැතිවරණ ලේකම් කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙක් පැවසුවේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර ලියාපදිංචි පක්ෂයක නම සලකුණ වෙනස් කළ හැකි බවයි. එහෙත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට ඇති නිසා නව පක්ෂ ලියාපදිංචි කිරීමට නොහැකි බවද පැවසීය. මධුභාෂණ හේරත්
 

More News..