brand logo

අනුරාධපුර රෝහලේ නවදෙනෙකුට කොරෝනා

03 February 2021

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සිව්දෙනෙකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ නවදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ තේජන සෝමතිලක මහතා පැවසුවේ වෛද්‍යවරු සිව්දෙනෙකුට, හෙද නිලධාරිනියන් තිදෙනෙකුට සහ කණිෂ්ඨ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි. මොවුන්ගේ ආශ්‍රිතයින් වන රෝහලේ තවත් වෛද්‍යවරු, හෙදියන් සහ කණිෂ්ඨ සේවකයින් රැසක් නිරෝධායනයට යොමු කර ඇත. මෙම තත්ත්වයත් සමග අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සීමා කර තිබේ. ශෛල්‍යාගාරයේ හදිසි සැත්කම් වලට පමණක් සීමා කිරීමට සිදුව ඇත.
 

More News..