brand logo

අනුරාධපුර බන්ධනාගාරයේ කැරැල්ල සම්පුර්ණයෙන් මැඩ පවත්වයි.

21 March 2020

අද පස්වරු 5.00ට පමණ අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් විසින් කැරැල්ලක් අරඹමින් සිරගෙදරින් පලායාමට ගත් උත්සාහය මේ වනවිට සම්පුර්ණයෙන්ම පාලනය කර ඇත . කැරැල්ල මෙහයවු  දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි පලායාමට උත්සාහ කරද්දී වෙඩි වැදී මියගියේය. ඔහු සමග පලායාමට උත්සාහ ගනිමින් සිටි තවත් සිව්දෙනෙකු වෙඩි ප්‍රහාර වලින් තුවාල ලබා රෝහල් ප්‍රතිකාර ලබමින් ඇත . සිරකරුවන් පස්වරු 5 .00ට පමණ කැරැල්ල අරඹමින් සියලු සිර මැදිරි විවෘත කරගෙන පිටතට පැමිණ ඇත. එසැනින් ක්‍රියාත්මක වු බන්ධනාගාර ප්‍රධාන ජේලර් සමන්ත දිසානායක තම නිලධාරීන් සමග බන්ධනාගාර රෝහල තුලවු සියලු බෙහෙත් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් ඇත . සිරකරුවන් බෙහෙත් පෙති කඩාගෙන මත්වි කලහකාරී ලෙස හැසිරීම් වලකාලීමට එම පියවර ගන්නා අතරේ ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිසිය කැදවා ඇත . ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරිම නිසා සිරකරුවන් පැනයාම වලකා විශාල හානියක් වලකාගෙන ඇත . කොරොනා ආසාදනය වු සිරකරුවකු ගැන සැලවිමත් සමග සිරකරුවන් කැරැල්ලක් ඇතිකර පලායාමට සැලසුම් කර ඇත . මෙම බන්ධනාගාරය තුල සිද්ධිය වනවිට සිරකරුවන් දහසක් පමණ සිටි අතර එල්.ටී.ටීඊ ප්‍රබලයින් පවා එහි සිටි ඇත .   තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..