brand logo

අනුරාධපුර බන්ධනාගාරයත් කොවිඩ් ආසාදිතයි

24 January 2021

    අනුරාධපුර බන්ධනාගාරයෙන් අද (24) කොවිඩ් ආසදිතයෙක් වාර්තාවු බව අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිමල් ආරියරත්න මහතා සඳහන් කරනවා. එම ආසාදිත රැඳවියා මහ ඉලුප්පලම පදිංචි 46 හැවිරිදි අයෙකි. මේ වන විට රැඳවියාගේ ආශ්‍රිතයන් ලෙස රැදවියන් තිදෙනෙකුද පිසිආර් පරික්ෂණයකට ලක්කර ඇතත් ඔවුන්ගේ පිසිආර් පරික්ෂණ ප්‍රතිඵල වාර්තාවන් මෙතෙක් ලැබි නැත. මේවන විට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 181 දෙනෙකු වාර්තාවි ඇති බවද වෛද්‍ය නිමල් ආරියරත්න මහතා සඳහන් කර තිබේ.
 

More News..