brand logo

අනුරාධපුර නගරාධිපතිවරයා ඇතුළු 8 දෙනෙකු ලබන මස 8 වනදා දක්වා රිමාන්ඩ්

24 June 2019

1999 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති සංගම් ලේකම්වරයාගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිීරීමේ සිද්ධියට අදාළව අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු 8 දෙනෙකු ලබන මස 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂාණි හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලැබී ඇති අතර අනුරාධපුර ආහාර හා ඖෂධ පරීක්ෂක ලෙස කටයුතු කරන ආනන්ද වේරගොඩගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාව මත අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ රාජාංගනය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධියේ සැකකරුවන් පොලීසියට භාරවී ඇත්තේ වසර 19 කට පසුවය.
 

More News..