brand logo

අනුරාධපුරයේ පාසල් 11ක් ලබන 13 වෙනිදා සිට 18 වෙනිදා දක්වා වැසෙයි

11 June 2019

අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල පාසල් 11 ක් ලබන 13 වෙනිදා සිට 18 වෙනිදා දක්වා වසා තැබීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. පොසොන් උත්සව සමයේ විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා පිට පළාත් වලින් අනුරාධපුරයට පැමිණෙන පොලීසිය ඇතුළු ආරක්ෂක සාමාජිකයින්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහා එම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි. අනුරාධපුර පොසොන් උත්සව කමිටුවේ ඉල්ලීමකට අනුව එම පාසල් ලබන 17 සහ 18 යන දෙදින පමණක් වසා දැමීමට උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් මීට පෙර තීරණය කර තිබුණු අතර අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ යන සිද්ධස්ථාන ආශ්‍රිත ප්‍රදේශ විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා නිරතවන පොලිස් නිලධාරීන්හට එහි ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් පොසොන් උත්සවයට පෙර විධිමත් පෙරහුරුවක් ලබා දීමට එම පාසල් ලබාදෙන ලෙසට පොලීසිය කළ ඉල්ලීමකට අනුව ලබන 13 වැනිදා සිට යෝජිත පාසල් වසා දැමීමට පියවර ගෙන ඇත.
 

More News..