brand logo

අනිවාර්ය නිවාඩු ගිය පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

07 June 2019

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමා අනිවාර්ය නිවාඩු යැවීම පිළිබඳව ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණ ඇත. ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගෙන ඇති තීරණය තුළින් මූලික අයිතීන් කඩ වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කතානායකවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයින්, වැඩ බලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව ඉකුත් දා තමන්ව අනිවාර්ය අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය මුළුමනින්ම නීතියට පටහැණි බව පෙන්වා දෙන පූජිත් ජයසුන්දර මහතා ආයතන නීති සංග්‍රහය සහ පවත්වා නීතියට අනුව මෙලෙස තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව කියා සිටියේය. එබැවින් තමන් අනිවාර්යය නිවාඩු යැවීමේ තීරණය බල රහිත කරන ලෙසත් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තමන් අනිවාර්යෙන් නිවාඩු යැවීමේ තීරණය අත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් ලෙස පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තමන්ව ධුරයෙන් ඉවත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
 

More News..