brand logo

අනිවාර්යෙන්ම 2019 ඡන්දයක් එනවා - රවී

01 January 2019

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා 2019 වසර වෙනුවෙන් සිය අමාත්‍යාංශයේ නිල රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් අදහස් පළකළා. අනිවාර්යෙන්ම 2019 ඡන්දයක් එනවා ඒත් ඒ වෙනුවෙන් නිකරුනේ ජනතාවට බොරු පොරොන්දු දීලා තියෙන ආර්ථිකයේ තවත් ප්‍රශ්න ඇති කරන එක නෙමෙයි අපි කරන්න ඕන යනුවෙනි. 2018 වර්ෂයේදී දේශපාලනික වශයෙන් වෙන්න තියෙන සැම දෙයක්ම සිදුවුණා. 2019 සෑම අයුරින්ම සාර්ථකව ජනතා අභිලාශ ඉටු කරන්න පුළුවන් වසරක් වේවි. ඒ වගේම අනිවාර්යෙන්ම 2019 ඡන්දයක් එනවා. ඒ අනුව ජනතාවට පිළිගන්න පුළුවන්, යන්න පුළුවන් දේශපාලන පක්ෂයක් සහ රජයක් වශයෙන් කටයුතු කරනවා. ඒත් ඒ වෙනුවෙන් නිකරුනේ බොරු පොරොන්දු දීලා, තියෙන ආර්ථිකයේ තවත් ප්‍රශ්න ඇති කරන එක නෙමෙයි අපි කරන්න ඕන යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,වැදගත් අමාත්‍යාංශයක නිවැරදි තොරතුරු ජනතාව වෙත නිවැරදි ලෙස ගෙනයාම මාධ්‍යවේදීන්ගේ යුතුකමක්. මෙහි ගන්න තීන්දු යම් ආකාරයක වෘත්තීය පදනමක් මත ගන්න ආයතනයක්. නමුත් තාමත් මෙය ලාභ නොලබන ආයතනයක්. ඒකට හේතුව තමයි යම් යම් අවස්ථා වලදී දේශපාලන සෟජු තීන්දු නොගන්න එක. කවදාවත් කිසිම කෙනෙක් විදුලි පාරිභෝගිකයා ගැන හිතලා නැහැ. සෑම අවස්ථාවකදීම වෙලා තියෙන්නේ, පාරිභෝගිකයාට බර පැටවෙන සේ මිල වැඩිකිරීමක් මිසක් කවදාකවක් මිල අඩු කරන්න කියලා කතා කරලා නැහැ. දේශපාලන මතයකට විදුලි බිල අඩු කරනවා කියලා කිව්වොත් ඒක විහිළුවක් බවට පත් වෙනවා. නමුත් අපි අඩු කරනන් පුළුවන් මාර්ගයකට පිවිසිය යුතුයි. යම් දෙයක මිලක් සදහා සහනයක් දෙනවා කියන්නේ කව්රු හරි ගෙවනවා කියන එකයි. දේශපාලඥයෝ ඇවිත් අරක මේක අඩු කරනවා කියලා ලේසියෙන් කියනවා. අඩු කරනවා කියන්නේ කව්රුහරි ගෙවන්න තියෙනවා කියලයි. ඒ නිසා නිකරුනේ විදුලි බිලට සහනයක් දෙනවා කියන්නේ නැතිව, මිල වැඩි නොකර, කාර්යක්ශමතාවක් ඇති කරලා ඉදිරියට එයින් ප්‍රතිලාභයක් ඇතිකරගන්න මාර්ගයක් සැලසිය යුතුයි. මේ අවස්ථාවේ මම ඉතා වගකීමෙන් කියන්නේ, ජනතාවගේ පිට බර පටවන්නේ නැතිව අපි මේ ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරනවා කියලයි. අපිට අවශ්‍ය වන්නේ ලක්ෂ 70ක විදුලි පාරිභෝගිකයා පීඩනයට ලක් නොවන ආකාරයෙන් කටයුතු කරන්නයි. ඔවුන්ට සහන සලසන්නයිග ඒ නිසා කිසිම කෙනෙක් අනියත බියක් ඇතිකරගත යුතු නැහැ. අපි අනිවාර්යයෙන්ම ඒ බිය නැති කරනවා. විෂයබාර අමාත්‍යවරුන් හැටියට අපි තියුණු සටනක් කරනවා ඒ බිය නැති කරන්න. පිටස්තරයෙන් විශාල බලපෑම් තිබෙන අමාත්‍යාංශයක් මේක. දක්ෂයෝ වැඩ කරන තැන්වල අනිවාර්යයෙන්ම දූෂණ ලේබල් ගැහෙනවා. එවැනි අභියෝග වලට අපි නොබියව මුහුණ දියයුතුයි. අපි නිතරම එකට වැඩකළොත් ගැටළු ඇති වෙන්නේ නැහැ. වැඩ කරන කෙනා අතින් තමයි බඩු කැඩෙන්නේ. ඒ නිසා චෝදනා වලට බයෙන් තීන්දු ගන්න බිය වියයුතු නැහැ. එසේ නැති වුණොත් අදක්ෂ අමාත්‍යාංශයක් වෙනවා. එක්සත් ජාතික පාක්ෂාකයන්ට පසුගිය වසර වල අපෙන් වැඩක් සිදුවුණේ නැහැ කියලා කියනවා. පාක්ෂිකයන්ට සිදුවූ ඒ වැරැද්ද අපි ඉදිරියේදී නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව තමයි අනිත් අය දේශපාලනය කරද්දි අපි යහ පාලනය කිරීම යැයි පැවසීය.
 

More News..