brand logo

අනියම් පෙම මරු කැඳවයි

20 December 2020

අම්බලන්තොට , ගොඩවාය හන්දිය ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කර ඇති අතර පහර දීමක් හේතුවෙන් ඝාතනය සිදුවී තිබේ. සිදුවීමෙන් ලද තුවාල හේතුවෙන් කාන්තාව නිවසේ වැටි ඇති අතර පසුව හම්බන්තොට රෝහලට අදාල මියගිය කාන්තාව ඇතුලත් කර තිබේ. රෝහලට ඇතුලත් කරන අවස්ථාව වන විට කාන්තාව මිය ගොස් තිබෙන බව පැවසෙනවා. 44 වියැති මියගිය කාන්තාව සිය අනියම් පුරුෂයා සමඟ නිවසේ ජීවත්ව ඇති අතර ඝාතනය සිදුකළ බවට සැක කෙරෙන අනියම් සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ. අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන අරඹා ඇත.
 

More News..