brand logo

අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වරාය නගර ව්‍යාපෘතියයි

17 September 2020

අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6වන සංවත්සරය වෙනුවෙන් අද (17) එහි විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය. එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ තමන් චීන ජනාධිපතිතුමන් සමග එක්ව මෙම ව්‍යාපෘතියට වසර 6ක‌ට පෙර ආරම්භ කළ බවයි. පසුගිය රජය සමයේ සිදුවූ යම් කටයුතු හේතුවෙන් වසර 2ක කාලයක් ව්‍යාපෘතියේ වැඩ ප්‍රමාද වූ බව හෙතෙම කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා.... දැන් නැවත වරාය නගර ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වී තියෙනවා. අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පත් වෙනවා. එමඟින් රැකියා 83000 පමණ බිහි වෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා සමස්ත වියදම ඩොලර් බිලියන 15ක්. අපි කුඩා අවධියේ අසා තිබුණේ මුහුදට මේ රට ඛාදනය වෙනවා කියලා. පළමුවතාවට අපි මුහුද අපේ රටට එකතු කර ගත්තා. කොළඹ වරාය නගරය ඉදි කරන්න සහය වන චීන රජයට අපි ස්තූති වන්ත වෙනවා. චීන කොමියුනිට්ස් පක්ෂය හදලා වසර 100 ගත වෙනවා. එළඹෙන ඔක්තෝම්බර් 01 වෙනිදා මහජන චීන සමූහාණ්ඩුව ජාතික නිදහස් දිනය සමරනවා. අපි ශ්‍රී ලාංකිකයින් හැටියට චීන ජනාධිපතිතුමා ඇතුලු සමස්ත චීන ජනතාවට අපේ සුභ පැතුම් එක් කරනවා.“ යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
 

More News..