brand logo

අනාගත පරපුර දැනුමෙන් පෝෂණයෙන් බලගන්වන ‘සමපෝෂ දිනන දරුවෝ’ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ අඛණ්ඩව...

26 December 2020

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් බහුතරයක් අතර පවතින පෝෂණ ඌනතාව, විශාල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වීමේ අවදානමක් මතුව තිබේ. එවන් පසුබිමක අනාගත පරපුරේ දැනුම සහ පෝෂණය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන CBL සමපෝෂ’ හඳුන්වා දුන් ‘සමපෝෂ දිනන දරුවෝ’ වැඩසටහන තවදුරටත් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පවත්වාගෙන යෑමට පියවර ගෙන තිබෙන්නේ දරුදැරියන්ගේ පෝෂණ අවශ්‍යතා කෙරෙහි ද දැඩි සැලකිල්ලක් යොමුකරමිනි. මෙරට ළමා පරපුරේ අභිවෘද්ධිය මුඛ්‍ය වගකීමක් කොට සලකන ‘CBL සමපෝෂ’ සිය සමපෝෂ ෆෙස්බුක් පිටුව (https://www.facebook.com/samaposha.lk/) හරහා මෙම ඩිජිටල් වැඩසටහන ඉදිරිපත් කරයි. ‘සමපෝෂ දිනන දරුවෝ’ සුපුරුදු වැඩසටහන් මාලාවේ නවතම කොටස්ද සමපෝෂ ෆේස්බුක් පිටුව හරහා නැරඹිය හැකි අතර දරුවන් තුළ හොඳ පුරුදු වර්ධනය කිරීමද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි. එමෙන්ම වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු යහපත් සෞඛ්‍ය පුරුදු ආදිය මෙන්ම, කුඩා දරුවන්ට සහ දෙමාපියන්ට එක්ව කළ හැකි ක්‍රියාකාරකම්ද මෙම වැඩසටහන හරහා ඉදිරිපත් කිරීම කැපී පෙනේ.
 

More News..