brand logo

අන්තවාදී සංවිධානවල වත්කම් පිළිබඳ ගන්නා තීරණය මෙන්න

17 April 2021

තහනම් කරන දල ඉස්ලාමීය අනතවාදී සංවිධාන සතු වත්කම් රාජසන්තක කරන බවට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි. මේ අනුව එම සංවිධානවල නායකයින්ගෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත. ඒ අනුව අන්තවාදී සංවිධාන 11ක් සම්පූර්ණයෙන් තහනම් කර තිබෙන බවත් , ඒවායේ සාමාජිකයින්ට ඒම කටයුතුවල නිරතවීමට නොහැකි බවත් ,අන්තවාදය සහ ත්‍රස්තවාදය පැතිරවීම සිදුකළ හොත් අනිවාර්ය යෙන් ම නීතිමය පියවර ගන්නා බවත් සඳහන් කරයි. තවද ඔවුන්ගේ වත්කම් සහ බැංකු ගිණුම්වල විමර්ශන වාර්තා ලබාගත් පසු එම වාර්තාව නීතිපතිවරයාට ඉදිපත් කර වත්කම් රාජසන්තක කිරීමට කටයුතු කරන බවත් සඳහන් කරයි. කොළඹ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සරත් වීරසේකර අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
 

More News..