brand logo

අන්තවාදීන් යහමගට ගන්න යයි

03 April 2021

පාස්කු ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය සඳහා යොමු කරන පළමු කණ්ඩායම පුනරුත්ථාපන ක්‍රියාවලිය තවත් සති දෙකකින් ඇරඹෙන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පැවසීය. වව්නියාව, පූත්තෝට්ටම්හි මේ සඳහා වූ පුනරුත්ථාපන කඳවුර සූදානම් කර ඇති අතර පළමු අදියර සඳහා සියයකට ආසන්න පිරිසක් එක් කිරීමට නියමිතය. මූලධර්මවාදී අවදියේදී බුද්ධි අංශ විසින් හඳුනාගත් අන්තවාදී ප්‍රචණ්ඩත්වයට යොමු නොවූ පිරිස් මේ යටතේ කණ්ඩායම් ලෙස වර්ගීකරණය කර පුනරුත්ථාපනය කිරීමට නියමිතය. මෙම පුනරුත්ථාපන ක්‍රමවේදය ගැන විශේෂඥ දැනුමක් ඇති විදේශ කණ්ඩායම් ගෙන්වා ආරක්ෂක අංශ නිලධාරීන්ට වැඩමුළුවකදී පවත්වා ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..