brand logo

අන්තවාදීන් භාරව සිටි සැරයන් ඇතුළු තිදෙනෙක් කොවිඩ් ආසදිතවෙලා

11 January 2021

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග පරිදි රඳවා සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇතුළු කොවිඩ් වැලඳුණ නවදෙනා භාරව සිටි සැරයන්වරයකු ඇතුළු පොලිසියේ තිදෙනකුටත් කොවිඩ් වැලඳී ඇත. අන්තවාදීන්ට සම්බන්ධ බව කියන හිජාස් හිස්බුල්ලා, පාතාල නායක කොස්ගොඩ තාරක ඇතුළු රැඳවූවන් නවදෙනකුට ඉකුක් 7දා කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ පසු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් මේ බව තහවුරු වී ඇත. මෙම රැඳවූවන් හා ආසාදනය වූ පොලිස් නිලධාරීන්ගේ ළඟම ආශ්‍රිතයන් බවට පත්වූ සී.අයි.ඩී. නිලධාරීන් දින දාහතරක නිරෝධායනයකට යොමුකර තිබේ. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..