brand logo

අන්තර්ජාල මුල්‍ය වංචා වලින් ප්‍රවේශම් වන්න

22 January 2021

ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කර ගත් සහ ජංගම දුරකතන යෙදුම් හරහා විවිධ වර්ගයේ මුල්‍ය වංචා සිදු කෙරෙන බව තොරතුරු ලැබී ඇත. මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කර ගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරේ. එවැනි ණය අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ පහත සදහන් රහස්‍ය පාරිභෝගික තොරතුරු ඔවුන්ගෙන් ලබා ගැනීමට මහජනතාව පොළඹවයි. • හර / ණය කාඩ්පත් - කාඩ්පත් අංකය, පුද්ගලික හැඳුනුම් අංක (PIN), කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදා ගන්නා CVV, CVC හෝ CVS යන්නෙන් හැඳින්වෙන ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක, කාඩ්පත් කල් ඉකුත් වන දිනය, ගනුදෙනු සහතික කිරීමේදී යොදාගන්නා එක්වරක් පමණක් භාවතා කල හැකි මුරපද (One Time Password – OTP) • අන්තර්ජාල බැංකුකරණය - පරිශීලක නාමය, රහස් පදය, OTP • ජංගම බැංකුකරණය (ගෙවීම් යෙදුම්) - පරිශීලක නාමය, රහස් පදය, OTP ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට පහත සදහන් උපදෙස් පිළිපදින ලෙස දැනුම් දෙනු ලැබේ. • මුදල් ණයට දීමේ ව්‍යාපාර පවත්වා ගෙන යෑමේ මුවාවෙන් සි‍දු කෙරෙන වංචාවන්ට ගොදුරු නො වී සිටීමට නිසි උත්සාහයක් හා සැලකිල්ලක් දැක්වීම. • මූල්‍ය ගනුදෙනුව සඳහා ගිවිසුමකට එළඹීමට පෙර මහජනතාව මූල්‍ය ගනුදෙනුව සහ ණය දෙන පාර්ශවයේ සම්පූර්ණ තොරතුරු ලබා ගැනීම. • සෑම විටම මුදල් ගනුදෙනුවකට එළඹීමේ දී යම් නියාමන අධිකාරියක් මගින් නියාමනයකට ලක්කෙරෙන ආයතන කෙරෙහි විශ්වාසය තැබීම. • පහසු / ක්ෂණික ණය යෝජනා ක්‍රම සමඟ කටයුතු කිරීමේදී අතිශයින්ම සුපරීක්ෂාකාරී වීම. • ගිවිසුම්වල නියමයන් සහ කොන්දේසි වල අන්තර්ගතයන් සම්පූර්ණයෙන් වටහා ගැනීම අපහසු නම් එවැනි ගිවිසුම්වලට එළඹීමෙන් වැලකීම. පහත දැක්වෙන ලක්ෂණ සහිත පහසු / ක්ෂණික ණය යෝජනා ක්‍රම සඳහා අයදුම් කිරීමේදී ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටී....... ➢ පළමු ණය සඳහා ශුන්‍ය පොලිය වැනි ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරන ආකර්ශනීය පාඨ ➢ ආරම්භක පොලී අනුපාත අඩු වුවද පසුවට ඉතා ඉහළ පොලී අනුපාත අය කරීම ➢ අඩු ලියකියවිලි අවශ්‍ය යැයි කරන චාරයන් ➢ මුදල් ණය දෙන්නන් පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු සොයාගත නොහැකි වීම ➢ ණය දීර්ඝ කිරීම් ඉල්ලා සිටිය හැකි අතර තත්වයන් නොතකා ඕනෑම අවස්ථාවක ලබා දීම ➢ ඉකමනින් අනුමැතිය ලබා දෙන බවට කරනු ලබන ප්‍රචාරයන් ➢ දුරකථනයේ ඇති සම්බන්ධතා ලැයිස්තුව, ඡායාරූප, ලිපිගොනු සහ ලේඛන වෙත ප්‍රවේශ වීමට අවසර ඉල්ලා සිටීම
 

More News..