brand logo

අන්තර්ජාල දැනුමෙන් ගිනි අවියක් හැදූ තරුණයකුට මාංචු

28 August 2018

  අන්තර්ජාලයෙන් ලැබූ දැනුමෙන් ගිනි අවියක් තැනූ තරුණයකු එම අවියද සමග ඊයේ (27) පස්වරුවේ මුතූර් මලිගතිවු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමල දිසා දුෂණ මර්ධන ඒකකයේ නිලධාරිහු පවසති. බෝර 12 ගිනි අවියට සමාන ලෙස මෙම ගිනි අවිය නිපදවා ඇත. එම ඒකකයේ ස්ථානාධිපති ගයාෂාන් අකුරම්බොඩ මහතාට ලදතොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. සැකකරු හා ගිනිඅවිය වැඩිදුර පරීක්ෂණ සඳහා මුතූර් පොලිසියට භාර දී ඇති අතර මුතූර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරපරීක්ෂණ මෙහෙයවයි.
 

More News..