brand logo

අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් නළාවක් බස් රථවලට - ලංගමට අලුත් බස් දෙදහසකුත් ගෙන්වයි

04 January 2020

ශබ්ද දූෂණය අවම කිරීම සඳහා බස් රථවලට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නළාවක් හඳුන්වා දීමට මගී ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිය පිළිබඳ සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. දැනට බස් රථවල භාවිත කරන විවිධ වර්ගයේ නළා හේතුවෙන් ශබ්ද දූෂණයක් මෙන්ම මගී ජනතාවද දැඩි අපහසුතාවට පත්ව ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අමාත්‍යාංශයට පෙන්වා දී තිබේ. අධික ශබ්දයක් නිකුත් කරන නළා බස් රථවලින් ඉවත් කිරීමට පසුගිය රජය කටයුතු කළත් එය සාර්ථක වී නොමැත. දැනට මහා මාර්ගවල ධාවනය වන බස් රථද ප්‍රමිතියෙන් තොර වීම නිසා ප්‍රමිතියෙන් යුත් බස් රථ මගී ප්‍රවාහනය සඳහා එක් කිරීමටද අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 2000 ක් ගෙන්වීමටද නියමිතව ඇත. උදයජීව ඒකනායක
 

More News..