brand logo

අනවසර සංක්‍රමණිකයින් එකලොස් දෙනෙකු නාවික හමුදා බාරයට

06 November 2019

අනවසර සංක්‍රමණිකයින් එකලොස් දෙනෙකු (11) නාවික හමුදා බාරයට නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවිමට උත්සාහ කළ ශ්‍රී ලාංකීක පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) අද (06) අළුයම නාවික හමුදා භාරයට ගන්නා ලදී. ඒ අනුව නාවික හමුදාව සහ හලාවත පොලීසිය එක්ව හලාවත මෝයකට අවට ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරිමකදී සැක කටයුතු පුද්ගලයින් පිරිසක් නිරික්‍ෂණය කර ඇත. එහිදී සිදු කරන ලද පරික්ෂා කිරිමේදී නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදේශ ගත විමට සුදානම්ව සිටි පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත. මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයේ ලා-රියුනියන් දුපත වෙත සංක්‍රමණය වීමට සුදානම්ව සිටි බවට සැකකරන අතර, මොවුන් කුඩා ට්‍රක් රථයකින් පැමිණ යාත්‍රා මගින් මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ දැරීමේදී මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. එලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25 ත් 57 ත් අතර වියෙහි පසුවන හලාවත ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ කුඩා ට්‍රක් රථය හලාවත පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී. මෙලෙස නාවික හමුදාව විසින් සිදු කරන සෝදිසි කිරිම් හේතුවෙන් මෙරටින් නීති විරෝධි ලෙස විදේශ ගතවිමට උත්සාහ දරන අනවසර සංක්‍රමණික සහ මිනිස් ජාවාරම් කටයුතු අවම කිරිමට නාවික හමුදාව සමත් වී ඇත.
 

More News..